Wednesday, 11 January 2017

සැපට අධිපති සිකුරු ග්‍රහයා සිකුරුගේ අපලය හා ඊට පිළියම්

කෑගල්ලේ සුනිල් ගම්ලත් කෙලින් වීදිය, කෑගල්ල.
සෑම කෙනෙකුම පාහේ ආකර්ශනීය පෞරුෂත්වයක්‌ හිමිකර ගැනීමට කැමතිය. මේ නිසා බොහෝ තරුණ තරුණියන් ජනප්‍රිය නළු නිළියන් මෙන් පෙනී සිටින්නට අනුකරණයේ යෙදෙන බව පෙනේ. රැලි වැටුනු කොණ්‌ඩය, ලස්‌සන ඇස්‌, නාදළු දෙතොල්, කඩවසම් සිරුර, නවීන විලාසිතා අනුව ගිය ඇඳුම් පැළඳුම්, නවීන මෝටර් රථය, ජංගම දුරකථනය ආදියෙන් සැරසුණු භද්‍ර යෞවනයේ චමත්කාර ජනක බවට ඇළුම් නොකරන්නේ කවරෙක්‌ද? ඔබටත් එවැනි දුටුවන් වශී කරවන පෞරුෂත්වයන් ඇතිනම් ඔබේ කේන්ද්‍රයේ සිකුරු (ඪෑභඹී) බලවත්ව පිහිටා තිබිය යුත්තේය.

කෙසේ නමුදු එවැනි වාසනාවන්ත පෙනුමක්‌ ඔබට ඇත්නම් ඊට හේතුව අහසේ ගමන් කරන සිකුරු හෙවත් වීනස්‌ ග්‍රහයා නොව ඔබ විසින්ම පෙර භවයක කරන ලද කුසල කර්ම ශක්‌තියම බව කිව යුත්තේය.

භාවනා මගින් මනස දියුණු කළ සෘෂිවරුන් විසින් ලෝකයට දායාද කළ ජ්‍යෙdaතීර් විද්‍යාව මගින් යමෙකු කළ පෙර පින්කම් හෝ පාප කර්ම හා ඒවායේ විපාක දැනගත හැකි වන්නේය. සිකුරු ග්‍රහයා කේන්ද්‍රයේ පිහිටි ආකාරය අනුව කියන කරුණු ද එසේ ග්‍රන්ථාරූඪ කර තිබේ. මේ අනුව කලාව, සංගීතය සුවඳවිලවුන්, කාමය, විවාහය, නාට්‍යය, ක්‍රියාශීලි බව, ආදරය, ප්‍රේමය මෙන්ම ශරීරයේ වකුගඩු, නිකට, කම්ඹුල්, ප්‍රජනන ඉන්ද්‍රියන් ආදිය ගැන සිකුරුගෙන් කියෑවේ.

යමෙකුගේ කේන්ද්‍රයේ සිකුරු බලවත් නම් ජන්මියා ඉහත කරුණු වලින් සම්පූර්ණ වී සැප විඳින කෙනෙක්‌ වන්නේය. ඊට හේතු වන්නේ පෙර ආත්මවල පිරිසිදු චරිතය හෙවත් බඹසර රැකීම, ඊර්ෂ්‍යාවෙන් තොරවීම, උතුමන්ට කරන ලද පුද සත්කාර ආදී පිංකම්ය. එමෙන්ම මෙහි අනෙක්‌ පැත්ත හෙවත් ගුණවත් අයට අපහාස කිරීම, ඊර්ෂ්‍යාව, අනුන්ගේ සැප නොඉවසීම ආදිය නිසා මේ ආත්මයේ සිකුරුගේ අපලය ඇති කිරීමට හේතු වෙයි.

මෙයට ඉතා හොඳ උදාහරණ බෞද්ධ සාහිත්‍යයෙන් උපුටා දැක්‌විය හැකිය. බුදු රජාණන් වහන්සේගේ පිහිට ලබා නිවන් දුටු අම්බපාලි නමින් හැඳින්වෙන්නේ ගණිකාවකි. පෙර භවයක බෝධි පූජාවන් කරන විට මහ රහත් තෙරණියක අතින් සිදු වූ අත්වැරැද්දකට වෛශ්‍යාවක්‌ යෑයි බැනවැදීම නිසා ඇයට මේ ආත්මයේදී එසේ වෘත්තිය වෛශ්‍යාවක්‌ බවට පත්වන්නට සිදුවී තිබේ.

එමෙන්ම අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ නැඟනිය දරුණු කුෂ්ඨ රෝගයකින් පෙළුණාය. මේ පිළිබඳව අභිඤාලාභී පිං අනුරුද්ධ හිමියන් විසින් (පෙරභවය පිළිබඳ) විස්‌තර කරන ලදී. ඒ අනුව ඇය රජ බිසවන ලෙස උපත ලබා සිටියාය. රජතුමා තවත් අන්තඃපුර වාසී බිසවනට ඇළුම් කරන බව ඇයගේ දරුණු ඊර්ෂ්‍යාවනට හේතුවිය. ඇය විසින් එම බිසවගේ යහනේ හා ඇඳුම්වල කහඹිලියා ආලේප කරන ලද බවත් ඒවා ශරීරයේ ගෑවී දැවිල්ලට හා වේදනාවට පත් බිසව දෙස බලා සතුටු වූ බවත් ඒ හේතුවෙන් මේ ආත්මයේ කුෂ්ඨ රෝගියෙකු වූ බවත් අනාවරණය විය.

මේ අවස්‌ථා දෙකම සිකුරු ගේ අපලයට හේතුව හා අපලයේ ස්‌වභාවය පෙන්වන උදාහරණ දෙකකි.

කෙනෙකු සැප ලබනවා ද නැද්ද යන්නම විශේෂයෙන්ම සිකුරුගේ බල දුබලකම් අනුව වටහා ගත යුත්තේය. මෙය ඔබේ කේන්ද්‍රය අනුව ඔබටත් තරමක්‌ දුරට විමසා බැලිය හැකිය. ඔබේ කේන්ද්‍රයේ සිකුරු තැන්පත්ව ඇත්තේ මීන රාශියේ නම් උච්ච බලය ලබයි. තවද වෘෂභ හෝ තුලා රාශියේ නම් ස්‌වක්‍ෂෙත්‍ර බලය හිමිවේ. හතර වැන්නේ නම් දිග් බලය ලබයි. එවිට සිකුරු බලවත් වී ශූභඵල දෙනු ඇත.

කන්‍යා රාශියේ දී නීච නම් දුබල බවට පත්වන මෙම ග්‍රහයා කටක හා සිංහ රාශි වලදීද දුර්වල බවට පැමිණේ. එවිට අශුභ ඵල දේ. පහත පලවෙන්නේ කේන්ද්‍රයේ කොටු 12 තුළ තැන්පත්ව ඇති ආකාරය අනුව ලැබෙන ශූභා ශුභ වේ.

සිකුරු ග්‍රහයා කේන්ද්‍රයේ පළමුවැන්නේ පිහිටි අයගේ සිරුර ආකර්ශනීය පෙනුමක්‌ ඇති කරයි. එවැන්නෝ මනා පෞරුෂත්වයකින් හෙබි, සැපවත් ජීවිතයක්‌ ගත කිරීමට වාසනාව ඇති අය වන්නේය.

දෙවැන්නේ සිකුරු පිහිටීම ධනය අතින් සාර්ථකත්වයක්‌ ලබන බව පෙන්වයි. මුහුණ පැහැපත් හා ලස්‌සන වෙයි. කතාව ද අනුන්ගේ සිත් ඇඳගන්නාසුළු වෙයි. බලවත්ව පිහිටියොත් සෑහෙන ධනයකට හිමිකාරයකු වනවා ඇත.

තුන්වැන්නේ පිහිටි සිකුරු සහෝදරයන්ගෙන් ශූභඵල ලැබෙන බව පෙන්වයි. උත්සාහවන්ත, ධෛර්යවන්ත කෙනෙක්‌ද වෙයි. එමෙන්ම ගුණ යහපත් අසල්වාසීන් ද ලබයි. වාසනාවන්ත විවාහයක්‌ ද සිදුවේ. සහකරු හෝ සහකාරිය ගම් ප්‍රදේaශයට සමීප, වඩා දුර නොවූ පළාතක කෙනෙක්‌ද වනු ඇත.

හතර වන භාවයේ තැන්පත් වන සිකුරු දිග්බලය නම් උසස්‌ බලයක්‌ ලබයි. සිකුරුට නියම තැන හතරවැන්නයි. එවැනි අයට උපන් ගමේම දියුණුවීමට ඉඩ සැලසේ. අලංකාර නිවසක්‌ සාදා ගැනීමටද වාහන, සුබෝපභෝගී ගෘහභාණ්‌ඩ ලැබීමට ද සැපවත් ජීවිතයක්‌ ගත කිරීමට ද ඉඩ ලැබේ.

පස්‌වැන්නේ සිකුරු ඉගෙනීමට යහපත් ය. සෞන්දර්ය හා කලා විෂයයන් ද විදේශ භාෂා පිළිබඳවද නිපුනතාවක්‌ ඇතිවේ. නවීන විෂයයන් වන පරිගණක ග්‍රැෆික්‌ නිර්මාණකරණයට දක්‍ෂ වේ. එමෙන්ම විවාහයට පෙර ආදර සබඳතා ඇති වීම හා ඒ මගින් විවාහය සිදු වීමට ද ඉඩ තිබේ. යහපත් දූ දරුවන් ලබයි. ආයෝජන වලින් ලාභ ලැබේ. සිකුරු 5 දුර්වල නම්, විනෝදය නිසා ඉගෙනීමට ද ව්‍යාපාර වලටද බාධා පැමිණේ.

හය වැන්න සිකුරුට ශුභ ස්‌ථානයක්‌ නොවේ. සතුරන් හා රෝග පිළිබඳව විනිශ්චය කරන තැනයි. එමගින් ජන්මියා සිකුරුට අයත් රෝගවලට ගොදුරු වන බව පෙන්වයි. වකුගඩු රෝග, මුත්‍රාශයේ දෝෂ, ලිංගික දුර්වලතා හට ගනී. සෙම් ගෙඩි උගුරේ ආබාධ, කුරුලෑ, මුහුණේ ලප කැළැල් ආදිය ඇති වීමට ඉඩ තිබේ. ජන්මියා ණයකරුවෙකු බවට නැතහොත් සතුරු කරදර වලට පත් වන බව පෙන්වයි.

හත්වැන්නේ සිකුරු ශුභ ඵලදෙයි. වාසනාවන්ත විවාහයක්‌ සිදුවේ. යෙහෙළියක මෙන් කටයුතු කරන (ස‚ භාර්යාවන්) බිරිඳක්‌ හෝ සැමියෙක්‌ ලබයි. එමෙන්ම තමන්ට සැම විටම උදව් උපකාර කරන සහකරුවන් පිරිසක්‌ ද ලබයි. හවුල් ව්‍යාපාරවලට දක්‍ෂ කෙනෙක්‌ වනවා ඇත.

අට වැන්න කේන්ද්‍රයේ හානි මරණ ගැන කියන තැනයි. එහි පිහිටි සිකුරු දුක්‌ විඳ විඳ නොසිට හිටිහැටියේම සිදුවන ශාන්ත මරණයක්‌ උරුම කරවයි. එමෙන්ම විවාහය මගින් හෝ වෙනත් ආකාරයකින් දායාදායක්‌ හෝ අන්තිම කැමති පත්‍රයකින් ධනයක්‌ ලබා දෙයි. සිකුරු, කේන්ද්‍රයේ 4 අධිපති වන්නේ නම් ගෙයක්‌ හදා ගැනීමට බාධා පැමිණේ.

නව වැන්න කේන්ද්‍රයේ පුණ්‍ය ස්‌ථානයයි. 9 පිහිටි සිකුරු ශුභ ඵල දෙයි. බලවත් නම් උපාධි ලබා උසස්‌ අධ්‍යාපනය සාර්ථක කර දෙයි. සෞන්දර්ය උපාධි ලැබීමටත් ඉංග්‍රීසි හා පරිගණක අංශවල උපාධිධරයින් වීමටත් සිකුරු ග්‍රහයා 9 බලවත් වීම විශේෂ හේතුවක්‌ වන්නේ ය. එමෙන්ම ජන්මියා පෙරපින් ඇති දෙවිපිහිට ලබන භාග්‍යවන්තයකු බවද පෙන්වයි.

දහ වැන්න රැකියා, තනතුරු ගැන කියන තැනයි. එබැවින් සිකුරු දහවැන්නේ පිහිටීම ව්‍යාපාර අංශවල සාර්ථකත්වයට හේතුවේ. නැතහොත්, විශාල ව්‍යාපාරයක අයිතකරු හෝ ප්‍රධානියා වනු ඇත. සැප පහසු ලෙස ජීවත් වෙමින් වැඩි වෙහෙසක්‌ නොගෙන විශාල ආදායම් ලබන රැකියාවක්‌ ලැබේ.

එකොලොස්‌ වැන්නේ පිහිටි සිකුරු සෑම පළාතකම මිතුරන් ඇති කරයි. කාන්තා පක්‍ෂයේ අයගෙන් වැඩිපුර උපහාර ලැබේ. ව්‍යාපාර කිරීමෙන් උසස්‌ සාර්ථකත්වයක්‌ ලැබිය හැකිය. සිකුරුට හිමි පලතුරු නවීන උපකරණ වන ජංගම දුරකථන, පරිගණක, විලාසිතා වලට අවශ්‍ය උපකරණ, සුවඳ විලවුන්, සංගීත භාණ්‌ඩ ආදිය පිළිබඳ ව්‍යාපාර වලින් වැඩි ශූභඵල ලැබේ. එමෙන්ම ලස්‌සන මෙන්ම ගුණවත් විවාහ සහකරුවකුද ලැබේ. 11 බලවත් සිකුරු විශාල ආදායම් මාර්ග ඇති කර ගත හැකි බව පෙන්වා දෙයි.

දොළොස්‌ වැන්න ද කේන්ද්‍රයේ ව්‍යාධි, පාඩු පිළිබඳව පෙන්වන තැනයි. සිකුරු එහි පිහිටීම එතරම් ශුභ නොවන්නේය. දුර්වල නම් විවාහය ප්‍රමාද වෙයි. සැප අහිමි කෙනෙක්‌ වෙයි. ව්‍යාපාර වලින් පාඩු සිදු වේ. අධික වියදම් යෙදේ. එහෙත් ඉතා බලවත් නම් විදේශ රටවලට යැමට ඉඩ ලැබේ. විදේශවලින් මුදල් උපයන කෙනෙක්‌ ද වේ.

සිකුරු ග්‍රහයා කේන්ද්‍රයේ කොටු 12 තැන්පත් වන අයුරු සලකා බැලීමෙන් කර්මානුරූපව ජන්මියාට ඇති වන ශුභා ශුභ ඉහත දක්‌වන ලදී. එහෙත් රවි චන්ද්‍ර ආදී අනෙකුත් ග්‍රහයින්ද මේ සඳහා බලපාන බව විශේෂයෙන් කිව යුතුය. එබැවින් සිකුරු ග්‍රහයා සූර්යාට ළංවීමෙන් අස්‌තවන නිසාද, ශනී. කුජ, රාහු ආදී ග්‍රහයන් සමග සංයෝගව සිටීමෙන් දුර්වල වන නිසාද විපරිත ප්‍රතිඵල ලබා දෙයි.

සිකුරු කාමයට අධිපති වන අතර ශනි දුකට අධිපති වන්නේය. එබැවින් සිකුරු ශනි හා එක්‌වන විට කම් සැප අහිමි කරවයි. විවාහය ප්‍රමාද කරයි. එමෙන්ම සිකුරු කුජ සංයෝගය "අධිකාම යෝගයක්‌" ලෙස පැරණි ග්‍රන්ථවල දක්‌වා තිබේ. එවැනි අයගේ කාමාශාව බහුලව තිබේ. රාහු සමග එක්‌වන සිකුරු නොමනා සබඳතා ඇති කරයි. කම්සැප සෙවීමේ දී දුර දිග බලන්නේ නැත. විකෘති කාමාශාවලින් පෙළේ. කාමයේ වරදවා හැසිරේ.

සිකුරු ගහයා ඉහත දැක්‌ වු පරිදි පාප ග්‍රහයකු සමග සංයෝග වීමෙන් හෝ නීච වීමෙන් හෝ 6, 8, 12 යන දුෂ්ඨ ස්‌ථාන ගත වීමෙන් හෝ දුර්වල වෙයි. එවැනි අවස්‌ථාවක ජන්ම ලාභය ලැබූ කෙනෙකු ගේ දුර්වල ග්‍රහ බලය නිසා සිකුරු අපලය ඇති කරවයි. එවිට සිකුරු දශාවක්‌ ලබන විටම එහි විපාක පෙන්වයි. ශිෂ්‍යකු නම් අධ්‍යාපනයට බාධා පැමිණේ. මැදි වියේ නම් විවාහය කඩාකප්පල් වේ. ව්‍යාපාර බිඳී වැටේ මූත්‍රාශයේ ගල්, ලිංගික අප්‍රාණිකත්වය, ශුක්‍ර දෝෂ, කළුකුමාර දෝෂ, ඔසප් දෝෂ, ගර්භාෂයේ රෝග, සෙම් ගෙඩි, මධුමේහය ආදී රෝග හටගනී. ගණිකා වෘත්තියට වැටීම, ස්‌ත්‍රි ධූර්තයකුවීම ආදිය ද සිකුරු අපලයයි.

ග්‍රහ අපල සඳහා පිළියම් තිබේ. සිකුරු අපලයට නිර්දේශ කර ඇති ශාන්ති කර්ම ඒ සඳහා කළ යුතුය. වැරදි වලින් වෙන්වී ආගමානුකූල ජීවිතයක්‌ ගත කළ යුතු වේ. බුද්ධ පූජා තබා බෝධි පූජා කර පත්තිනි දේව මෑණියන් උදෙසා පූජා තැබීම සුදුසුය. සිකුරාදා දිනවල සිකුරු හෝරාව වඩාත් සුදුසු බව නිර්දේශිතයි. අංක 6 එකතුවට ලැබෙන 6, 15, 24, 33, 42 ආදී සංඛ්‍යාවලින් මල් වට්‌ටි පහන් සුවඳ පැන් කළ හා කොඩි පූජාව සුදුසුය. මිශ්‍රපාට මල්, මිශ්‍ර පාට කොඩි හෝ ෂඩ් වර්ණ බෞද්ධ කොඩි පළතුරු බීම පූජා තැබීම සුදුසුය. පූජාව තබන විට උතුරු දිශාවේ හිඳ ගැනීම මැනවි. පූජාව අවසානයේ මංගල සූත්‍රය ස-ජායනා කරන්න. පතිවෘතාව මගින් දේවත්වයට පත් පත්තිනි මෑණියන් ඇතුළු දෙවියන්ට පින් දෙන්න. අභිසම්බිදාන යන්ත්‍රය හෝ නවගුණ යන්ත්‍රය 1500 වරක්‌ ජීවංකර පැළඳීම ශූභයි.

සිකුරු අපලය ඇති අය ඇඹුල් රස ආහාර ගැනීම සුදුසු නැත. අධික කාම සේවනය, විනෝදය, කාමයේ වරදවා හැසිරීම නොකළ යුතුය. අවසාන වශයෙන් කිවයුතු වන්නේ "සිකුරු අපලයෙන් බේරෙන්න - වැරදි කාමයෙන් වෙන්වෙන්න" යන්නයි.

Original article from http://www.divaina.com/2010/08/13/naka11.html
Sinhala English word by word translation by Google

Venus spell and solutions 

Kegalle Sunil Gamalath Main Street, Kegalle.

Almost everyone would like to secure an attractive personality. So many young men and women who seem to follow have to appear as popular actors and actresses. Curly hair falling, beautiful eyes, lips nādaḷu, handsome body, according to a fashion Clothing, modern car, who owns an impressive youth generators Badra decorating cell phone? Do you have this personality that captivated witnesses if your center of Venus (ḍhǣbham̆bī) should be located in power. 

However, if you have a lucky appearance since moving from the planet Venus, or Venus, but you should say that by the inimitable skills before surgery might. 

Before the man by global acclaim Rishi Tyre da Jyoti meditation developed by Mind Science merits or sins and their consequences will be known karma. The manner of Venus is at the center of things, and so have been writing. The arts, music, perfume adultery, marriage, drama, the active, love, love the body and the kidneys, chin Jaliya, reproductive organs, etc. was spotted in particular. 

If the center is a natural one powerful Venus may know the full facts of the above. Before cleaning the reason is to protect the character of celibacy or, void of envy, the greatest of care and offer pinkama. And the other side, or the virtuous ones slander, jealousy, intolerance, make others comfortable in this spirit, will lead to a spell of Venus. 

This is a very good example of Buddhist literature can be cited. Lord Buddha's Nirvana saw to help Ambapali name known prostitute. She has been become a professional in this spirit so that scum that abused before being reborn as a Bodhi when the scum mistake by the topology teraṇiyaka. 

His younger sister, and Anuruddha Arahath painful disease and deprivation. The ping abhiñālābhī Anuruddha Thera (the perabhavaya) was described. The king, she was born a queen. Her fierce jealousy that lead to more homely king antaḥpura Aboriginal queen. As a result, the spirit of the leper was revealed that she was pleased to see the queen, the queen bed, and clothes kaham̆biliyā anointed by that body are tainted with dævillaṭa and pain. 

These two examples show both the cause and the nature of Venus's spell of bad luck. 

Whether or not a person will be comfortable, especially should understand the power of Venus weaknesses. This can be looked somewhat too according to your center. If your Venus is stored in the center of the constellation Pisces are peak power. And TAURUS or the constellation of Libra is ruled svakṣetra. Firstly the four corners are the power. Then Venus will become powerful śūbhaphala. 

If the wretched constellation Virgo becomes weak, the poor planet come into the organization and the Cancer zodiac lion. And what negative results. From śūbhā is good as it is deposited in the center of the first 12 boxes below. 

The attractive appearance of the body in the center of the first Venus. Its competence in order to grow, they will be lucky to have spent a happy life. 

The second shows the location of the wealth of success by Venus. Face is glowing and beautiful. The story is æn̆dagannāsuḷu hearts. Oh, at the owner pihiṭiyot considerable wealth. 

The third shows that the brothers of Venus from śūbhaphala. Diligent, courageous person is. The properties are also good neighbors. Lucky marriage as well. Mate villagers a backend close, will be part of man not far. 

If higher power is digbalaya Venus is placed fourth and integrity. Hataravænnayi spotted in position. Such as those in Copenhagen develop- facility. Colorful vehicles to take home, and luxury furniture to be referred to a lengthening. 

Venus fifth of good learning. Nipunatāvak puts on aesthetic and artistic subjects and foreign languages. Subjects of modern computer graphics designer is talented. And to have premarital romantic relationships and are more likely to be on the marriage. Children are good children. Investments will be profitable. Venus 5 weaken, disrupt fun of learning and business signage. 

It is not good in a series of six follow. Place to judge the enemies and diseases. It shows that the disease was spotted in the natural. Kidney disease, bladder defects, sexual dysfunction occurs. Nuts sore skin disorders, acne, facial spots, scars, etc. can lead to. Or to show that the natural enemies that trouble debts. 

Seventh Venus innermost good. Lucky marriage. As a friend of (Full wives) are a husband or a wife. And they are also a group of partners who always help. Will have a good business partnership. 

Eight series at the center of damage in that place of death. It makes possession of Venus suffered suffered a sudden death caused by S. lean. By marriage or otherwise dāyādāyak or give a last fortune bequeathed. Venus, the center of 4 to disrupt a home if the owner is. 

The new series of charity at the center of the place. 9 Venus in good fruit. If strong degree of higher education will succeed. Visual receive degrees in English and computer sectors, graduate to the powerful Venus 9 is the special reason. The natural flustered by the devipihiṭa shows that fortunate. 

Firstly ten jobs, positions in that spot. Therefore, the success of business establishments Venus Tenth sectors. Or, a business will be right or head. Storing large income will be without a job as a comfortable living. 

Each province has a series of eleven friends in Venus. Women are more tribute from the party. A campaign may be successful. Fruit spotted receive modern equipment Mobile Phones, Computers, Fashion for equipment, perfume, is more of a business śūbhaphala of musical instruments. The wedding will be beautiful and virtuous sahakaruvakuda. 11 shows that can be a powerful Venus large incomes. 

The twelfth in a series of pathology center, shows a loss of place. Venus and its location so good anymore. Delay weaken marriage. Is comfortable losing. Loss of business is done. Expensive today. But the most powerful in foreign countries will be allowed to return. The man is oblivious to money. 

Venus 12 boxes placed at the center of how the consideration of the karmānurūpava janmiyāṭa śubhā was given the good. But it must be said, particularly Ravi Chandra and other grahayinda this affect. So Venus and the Sun drawing because Osteopath, śanī. Mars, because the offers are mounting by weak results with a combination of such planets Rahu. 

Venus and Saturn will be the dominant pedophilia sad Governor. Therefore, the loss makes tours when Venus and Saturn join. Delays marriage. The combination of Mars and Venus "Yoga court" to have the old books. What we commonly have sexual desires. Venus makes relationships indecent join with Rahu. No long distance will be in search kamsæpa. Mutations leading passion. Abstain treated as such. 

Or by the sins of the planet Venus gahayā drive with compounds being mean or 6, 8, 12 and evil being stationed or weakens. Venus makes a bad spell because of a weak natural planet power profit that case. And Venus Dasha always shows its consequences. If students disrupt education. If middle-aged marriage is disrupted. Business break falls bladder stones, sexual disfunction, sperm defects, errors kaḷukumāra, menstrual defects, disease of the uterus, skin nuts, etc. madhumēhaya disease occurs. Fall into prostitution, etc. The Venus Female dhūrtayakuvīma luck. 

Remedies are to the stars. Shanthi Karma should be recommended for the Venus luck. Mistakes must be separated āgamānukūla life. Buddha Bodhi Pooja put the appropriate setting for the sacrifices Paththini Mary. Venus Hour Friday recommended that the most appropriate. No. 6 from the sum of 6, 15, 24, 33, 42 and figures to flowers grown in the morning the smell of alcohol and offering appropriate flags. Miśrapāṭa flowers, mixed color flags, flags or sexy color fruit drinks offer appropriate setting. The offering may be seated exercise north. Full-sacrifice at the end of the wedding formula jāyanā do. Pin to God within a mother pativṛtāva by the axiom. Abhisambidāna machine or machine navaguṇa 1500 times jīvaṁkara wearing śūbhayi. 

Venus is not good spell of those sour food. Lust, adultery, entertainment, sex should not be misunderstood behavior. Finally, is responsible, "Venus luck to escape - nostalgia to break bad" means.

No comments:

Post a Comment