Wednesday, 11 January 2017

කුජ මාරුව ඔබට රටට කොහොමද

අවුල වියවුලට ග්‍රහලොව චන්ඩියා කරළියට 
කුජ මාරුව ඔබට රටට කොහොමද!
නාත්තන්ඩියේ - පී. ඩී. පෙරේරා

2010 ජුලි මස 20 වන අඟහරුවාදා උදේ 6.40 ට ග්‍රහලොව සෙන්පතියා මෙන්ම චන්ඩියා ලෙසද විරුදාවලි ලත් කුජ ග්‍රහයා මෙතෙක්‌ තමන් ගමන්ගත් සිංහ රාශියෙන් ඉවත්ව බුධට අයත් කන්‍යා රාශියට ප්‍රවිෂ්ට වීමක්‌ සිදු වේ. මේ අවස්‌ථාවේ කටක ලග්නයත් විසා නැකතත් එහි දෙවන පාදයත් උදාව පවතී.

කුජ මාරුව සිදුවන අවස්‌ථාවේ ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම මේ අයුරු දිස්‌වේ. ලග්නය කුම්භ. ලග්නයේ නැප්චුන් දෙවැන්නේ ගුරු යුරේනස්‌ පස්‌ වැන්නේ කේතු හය වැන්නේ රවි බුධ හත් වැන්නේ සිකුරු අට වැන්නේ කුජ - ශනි නව වැන්නේ සඳු 11 වැන්නේ රාහු ගමන් ගනී.

කුජට සතුරු රාශියක්‌ වූ කන්‍යා රාශියට කුජ පැමිණීම යහපත් නොවන අතර අට වැන්නට පැමිණීම කොහෙත්ම සුදුසු නැත. පරම සතුරන් දෙදෙනකු වන කුජ ශනි අටේ පිහිටීම වඩා අයහපත් වනවා ඇත. දිගින් දිගටම යෙදුන අයහපත් ග්‍රහ පිහිටීම් අතරට කුජගේ මේ ප්‍රවිෂ්ටය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්‌ වන බව නොකියා නොහැකිය.

ලංකා කේන්ද්‍රයේ අට වැන්නේ කුජ ශනි සංයෝගවීම උගතුන්ට බුද්ධිමතුන්ට හිමි ගෞරවණීය තත්ත්වය නූගතුන් චන්ඩින් අතට යැමක්‌ ලෙස සැලකිය යුතුය. හැම අංශයකම දක්‌නට ලැබෙන්නේ අලස උදාසීන ගතියකි. කුජ ලංකා කේන්ද්‍රයේ අට වැන්න වූ මාර මුඛයට පැමිණීම ගිනි බිය හදිසි අනතුරු ඇති වීමට විශේෂ කරුණක්‌ වනවා ඇත.

තරුණ කොටස්‌ අතර උද්වේගකර හැඟීම් කල එළි බසින වකවානුවකි. පාලනය කළ නොහැකි මානසික ආවේග ඇති වේ. විශ්ව විද්‍යාල කටයුතු අවුල් විය හැක. ජීවන වියදම් ප්‍රශ්න මුල්ව උද්ඝෝෂණ ඇති වේ.

මැති සබය උණුසුම් වන අතර මැති සබයේ කටයුතු අඩපණ වීමට කලක්‌ වැසීයැමට මග පෑදිය හැකිය. නව අණ පනත් කඩි මුඩියේ ආ හැකි කාලයකි. මාධ්‍යයට සම්බන්ධ අයට මාධ්‍ය ආයතනවලට යහපත් කාලයක්‌ නොවේ. මුද්‍රණ කර්මාන්තයට බාධා ඇති වේ. කඩදාසි මිල ඉහළ යාවි.

සුළු භූමි කම්පාවලට හදිසි සුලි සුළං තත්ත්ව ඇති වීමට අවකාශ ඇත. ආරක්‍ෂක අංශවල අයට වැඩ කටයුතු බහුල වේවි. තමන්ගේ ආරක්‍ෂාව ගැනත් පෙරට වඩා යළි සිතන්නට කාලය පැමිණේ.

සිතට නොසතුට දෙන පුවත් නිතර අසන්න ලැබේවි. අඹු සැමි ප්‍රශ්න උග්‍ර වේ. සොර බිය පැතිරයයි. විෂ බීජ මුල් වූ අසනීප නිතර කථා බහට ලක්‌ වේ. බෝ වන රෝග පැතිර යයි. තමන්ගේ ආරක්‍ෂාව තමන්ටම බලා ගන්නට සිදු වන කාලයකි.

දුම්රිය අනතුරු නාවික අනතුරු අසන්න ලැබෙන කාලයකි. බැංකුවලට අදාළ වංචා දූෂණ බහුල විය හැකිය. බලවත් අයකුට දූෂණ වංචා මුල්ව විශාල ප්‍රචාරයක්‌ පවතී.

බේත් විෂවීම් වෛද්‍ය වරුන්ගේ වැරදි හෝ අත් වැරදීම් අසන්නට ලැබේවි. පසුගිය කාලයේ ගත් යම් යම් තීන්දු තීරණ වෙනස්‌ කිරීමටත් පාලකයන්ට සිදුවේවි. ගොවිතැනට ශුභපල තත්ත්වය හීනවෙයි. රෝග බෝවීමෙන් අසීරු ඇති වේ. අස්‌වැන්න අලෙවියට බාධක පවතී. ගොවීන් උදාසීන වන අසරණ වන කාලයකි. දේශීය නිෂ්පාදන වලට යහපත් කාලයක්‌ නොවේ.

හැම අතින්ම අශුභ අයහපත් ඵල විපාක පමණක්‌ පෙන්වන බැවින් ජාති ආගම් කුල භේදවලින් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් දහමට අනුව කටයුතු කළොත් යහපත සැලසේවි.

කුජ මාරුව ලග්න දොලහට මේ අයුරු බලපානු ඇත.

මේෂ
සතුරන් බලවත් වෙයි. මිතුරන් අමනාප වෙයි. වියදම් අධික ෙවිවි. හදිසි අනතුරු ඇති වේ. සිතේ සැනසීම අඩු කරයි. අන් අය විශ්වාස කර කටයුතු කර අසීරුවට පත් වේ.

වෘෂභ
සිතේ පැවැති බලාපොරොත්තු බිඳ වැටෙයි. පෙම් සබඳතා අත් හැරීමට සිදු වේ. උපකාරයට සිටි අය සතුරන් විය හැක. රැකියාවේ වෙනසක්‌ ඇතිවෙයි. නොසිතූ අයගේ උපකාරත් ලැබෙයි.

මිථුන
දේපල ප්‍රශ්න ඇතිවෙයි. නීති ප්‍රශ්නවල පැටලිය හැක. අනවශ්‍ය ප්‍රශ්නවලට මැදි වේ. ඒ නිසාම කරදරත් ඇති වේ. කෙසේ නමුත් බොහොමයක්‌ අවුල් ලිහෙන කාලයකි. අවිවේකයි.

කටක
හැකියා දක්‍ෂතා නිසා යම් යම් අය හඳුනා ගැනීමට හැකි වේ. අලුත් වැඩටත් අත ගසන්න අවස්‌ථා උදා වේ. තැන්පත් ධනය යට කර අසීරුවට පත්වෙයි. සිතට දුක ඇති වේ.

සිංහ
බෙල්ලෙන් ඉහළ අසනීප ඇති වෙයි. උගුරේ වේදනා විශේෂයි. ආදායම් මගට බාධා එයි. තැන්පත් ධනය වැය වන කරුණු හිටි හැටියේ යෙදෙයි. හිතවත් අය අමනාප වේවි.

කන්‍යා
හැම ප්‍රශ්නයම ලිහෙනවාට වඩා අවුල් වීමට අවකාශ ඇත. දුකට සැපට සිටි අය ඈත් වන ලකුණු පහල වේ. හිතුවක්‌කාර තීරණවලට නැඹුරු වේ. ගුණගරුක අය යන්තම් ගැලවේ.

තුලා
අතීතයේ ගත් තීන්දු තීරණ ගැන දුක්‌ වීමට අවස්‌ථා යෙදෙයි. නීති ප්‍රශ්නවලදී වරදකරු විය හැක. ළඟ ඇසුර ඇති අය මගහරී. ජීවන රටාවේ වෙනසක්‌ සිදුවිය හැක.

වෘශ්චික
විදේශ ගමන් යෙදෙයි. අමතර ආදායම් මගක්‌ පෑදිය හැක. රහස්‌ හෙළි වීමෙන් කරදර ඇති වේ. විශේෂ කටයුතුවලදී බලවත් අය ආධාර උපකාර කරයි. ණය ගෙවා දැමීමට හැකි වේ.

ධනු
ඔබේ හැකියා දක්‍ෂතාවලට ලැබිය යුතු උසස්‌ වීම් හිමිවෙයි. දරුපල අපේක්‍ෂා ඇති අයට සතුටු විය හැක. අවදානම් වැඩ ඇති අයට සතුටු විය හැක. අවදානම් වැඩට අත ගසා හොඳ ප්‍රතිඵල ලබයි. හන්දි අමාරු.

මකර
වෙනදා නැති සන්සුන් බවක්‌ ඇති වේ. දුර දිග බලා කටයුතු කරයි. වෙහෙසී වැඩ කර හොඳ ප්‍රතිඵල ලබා ගනී. අන් අය අතර ප්‍රශංසා ලබයි. මැණික්‌ ලාභ අත්විය හැකිය.

කුම්භ
හදිසි අනතුරු බහුල කාලයකි. සැත්කම්වලට හිටි හැටියේ කරුණු යෙදෙයි. නොසිතූ මාර්ගවලින් මුදල් ලැබීමට පිළිවන. ගමන් බිමන් බහුලවේවි. රහස්‌ හෙළිවිය හැක.

මීන
පමා වූ විවාහය ඉක්‌මන් විය හැක. පොදු කටයුතු වලදී ඉදිරියෙන් සිටී. ශාස්‌ත්‍රීය අංශයට හෝ මාධ්‍යයට සම්බන්ධ අයට උසස්‌ තත්ත්වයන් හිමි වේ. විහින් කරදර ඇති කර ගනී.


Original article from http://www.divaina.com/2010/07/16/naka01.html

Sinhala English word by word translation by Google

Crudities confusion arose planet's wrong and how you shift the country Mars! Nattandiya - P. DR. Perera is a log of the number of nuns budhaṭa removed several lions traveling view their planet Mars as well as the general who is also known as the crudities planet at 6.40 am on Tuesday, 20 July 2010. This is the dawn of the second leg of the auspicious occasion Cancer lagnayat visa. Location of Sri Lanka Aquarius planets Mars shift the center of the time focused on. Star sign Aquarius. This tells næpcun the second in a series of five teachers Uranus, Mercury Ravi van cones six seven eight Wang Wang Mars Venus - Saturn moon 11 new Van Van Rahu takes a walk. Kujaṭa enemy of many nuns are many good non-arrival of Mars and illustrated eight arrivals is not good at all. Saturn will have a bad location eight of Mars two great enemies. Continuously engaged in adverse planetary positions among kujagē this approach can not say that adding the fire. Wang Center Lanka eight Mars Saturn compound educated intellectuals must also be considered as a prestigious status of illiterate thugs into this period. Every aspect is seen sluggish passive stiffness. Mars will have special reason to fear that the emergency fire ravaged the arrival of a series of eight MR Lanka Centre. Between the youth and inspiring feelings and Rev. downward region. You can not control is the emotional. University activities can be confused. The cost of living is the opinion questions. Members of the audience warm and can pave the way factories closed long ceased to be members of the audience. New laws to actively b time. Those involved in the media is not a good media. Printing industry is made. Paper prices will take. Minor earthquakes are allowed to land in the emergency hurricane wind conditions. Will have much work to security forces. It's time to think again about their safety than in the past. Heart dissatisfaction that often may hear news. Couples are acute problems. Spreading fear of thieves. The first germs of the sickness is being frequently called conversation. Infectious diseases spread. Time to take out their own safety. Railway accidents Shipping accidents, ask for time. Banks may corrupt the rich. Forming a powerful person is advertised corruption. Angina medicine physicians will hear wrong or mistakes. The last time some decisions to change'll rulers. Bye to farming conditions fall short. Dehydration is a difficult. There are barriers to the sale of the harvest. Time farmers helpless apathy. Not good for the domestic products. Kelso every human being without negative consequences irrespective of race, religion and caste as shown only reward the good work if laborers. Mars, Saturn noon shift how this will affect. Aries enemy is strong. Friends will be angry. Evivi expensive. Accident is a. People reduces comfort. Others are believed to be the most difficult. TAURUS heart breaks at the prospect. Are giving up love affairs. Were themselves may be enemies. Work makes a difference. Extends help those foreseen. Gemini property aftermath. CCK rules questions. Central questions are unnecessary. As a result of the trouble is. However, most confusing time unwinding. Busy. Cancer skilled because some people are able to identify. Behind in the new opportunity, opportunities come. Wealth buried under the most difficult becomes. The heart is sad. Lions neck top is a sickness. Special throat pain. Revenue will obstruct the path. Deposit money spent on things suddenly apply. Dear people will take offense. Virgin every question may wish to complicate than lihenavāṭa. The score is lower from those who enjoyed his feelings. Arbitrary decisions are oriented. A caring people just saved. LIBRA past decisions apply to worry about when making decisions. Legal issues may be found guilty. Nearby the association who shirks. Lifestyle changes can occur. Scorpio passports apply. Additional income can lead to a path. Secrets revealed by the trouble is. Special activities are a powerful aid helps. It is possible to pay off debt. Sagittarius your ability to be promoted budding skills. Those who have left children can be expected to be happy. Those risks can be happy with the work. Risk shook work results are. Joints difficult. Dragon seemed not to be a peace. Take a will. Working hard to obtain good results. And others are praised. Gem profitable losses. AQUARIUS accidents busy. Surgeries suddenly things apply. Unexpected ways to welcome the money. Bahulavēvi travel. Can be revealed the secret. Pisces the marriage can be a quick delay. Common activities continue. Academic sector or related to the level of the media are entitled to. Self-imposed trouble wiring.


No comments:

Post a Comment