සඳුගේ අපලය යන කියමනද අසන්නා තුළ ඇති කරන්නේ වැරදි වැටහීමකි. අහසේ උදා වී බැස යන සඳ මිනිසුන්ට අපල කරන්නේ කෙසේද? ගිය සතියේද අප සාකච්ඡා කළේ ග්‍රහයින් අපල කරන්නේ නැති බවයි. එනම් මනුෂ්‍යයා විසින් පෙර ආත්ම භාවවලදී කරන ලද කුශලාකුශල කර්ම නිසා ලැබෙන විපාක ග්‍රහ අපල වශයෙන් හඳුන්වන බවයි.
ඔබේ කේන්ද්‍රයේ සඳු හෙවත් චන්ද්‍රයාගේ පිහිටීම අනුව පෙන්වන ශුභ ඵල නැතහොත් අපල සහ එම අපල සඳහා කළ යුතු ප්‍රතිකර්ම හෙවත් වළක්‌වා ගත හැකි ක්‍රමද මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.
සූර්යයා හෙවත් රවි දිනපතා එකම ප්‍රමාණයක එළියක් දෙමින් උදා වී බැස යයි. එහෙත් සඳු එසේ නොවේ. අමාවක දිනක නම් මුළුමනින්ම නොපෙනී යයි. ඒ කළුවර පෝය දිනයයි. අටවක පෝය දිනක අඩක් පමණක් පෙනේ. පුර පසළොස්‌වක පෝය දිනයේ සම්පූර්ණ සඳ දැකිය හැකි අතර රාත්‍රිය පුරා සඳ එළියෙන් නැහැවෙන පරිසරය අලංකාර හා චමත්කාරජනක වන්නේය. අමාවක සිට දිනෙන් දින මෝරමින් දින 15 ඇතුළත පෙනෙන ආකාරය අනුව තිථි 15 නම් කර තිබේ. පුර පක්‍ෂය හා අව පක්‍ෂය වශයෙන් චන්ද්‍ර මාසය දෙකට බෙදේ.
පුර පොහොය දිනවල සඳු බලවත් වෙයි. එමෙන්ම මැදියම් රාත්‍රිය උපරිම දීප්තිය විහිදුවයි. ඔබ උපන්නේ එම මැදියම් රාත්‍රියේ නම් ඔබේ කේන්ද්‍රයේ හතරවන කොටුවේ සඳු සටහන් වනු ඇත. එය දිග් බලය නම් බලය ලබයි. එමෙන්ම සඳු වෘෂභ රාශියේ උච්ච බලයද කටක රාශියේ ස්‌වක්‍ෂේත්‍ර නම් බලයද ලබයි. පුර සඳු වෘෂභ හා කටක යන රාශිවල තැන්පත් වන විට බලවත් වන්නේය.
එමෙන්ම වෘශ්චික රාශියේ සිටින විට සඳු නීච නම් දුර්වල තත්ත්වයට පත්වෙයි. අව හෙවත් කළුවර පක්‍ෂයේ සඳුද වෘශ්චික රාශියේ සිටින සඳුද දුර්වලවී ශුභ ඵල අහිමි බව පෙන්වයි. දවාලට වඩා රාත්‍රියට සඳුගේ බලය වැඩි බව අමුතුවෙන් කිව යුතු නොවේ.
සඳු බලවත් අවස්‌ථාවල උපදින්නේ පෙර ආත්ම භාවයන් හිදී ඊට අදාළ බලවත් කුසල කර්ම කළ අය පමණකි. සඳු අධිපති වන මහ රහත් මෙහෙණින් වහන්සේලාද සිල්වත් දසසිල් මාතාවන් ද තමන්ගේ මෑණියන්ද ගුරුතුමිය කිරි අම්මා හෙවත් ආච්චි, සිල්වත් කාන්තාවන් හා පත්තිනි දේව මෑණියන් මේ ගණයට ඇතුළත් වේ.
පෙර ආත්මයේදී මව ඇතුළු ඉහත උතුම් කාන්තාවන්ට උදව් උපකාර කළ, වන්දනා කළ, ගරු බුහුමන් කළ අයගේ කේන්ද්‍රවල සඳු බලවත්ය. එවැනි අයට උසස් චින්තන ශක්‌තියක් ඇති වේ. ජ්‍යෙdතිෂයේදී සඳු සිතට අධිපති යෑයි කියනු ලබන්නේ එබැවිනි.
වහා වැටහෙන ශක්‌තියක් ඇති මෙවැනි අය කාරුණික වෙයි. මෛත්‍රී සහගතව සිතයි. කලබල නොවේ. නිර්මාණාත්මක කුසලතාවලින් පරිපූර්ණ වෙයි. පිටට පෙනෙනවාට වඩා ඇතුළතින් ක්‍රියාත්මක වෙයි. ගණිතය, ජ්‍යෙdaතිෂය වැනි විෂයයන්ට දක්‍ෂ මෙන්ම තර්ක කිරීමේ ශක්‌තියද ලබයි. ඉතා ගුණවත් මවක් ලබන එවැනි අය කාන්තා පක්‍ෂයේ උසස් අයගේ ආශිර්වාදයද නිරන්තරව ලබන කෙනෙක් වන්නේය.
ඔබේ කේන්ද්‍රයේ සඳු බලවත් දැයි බලන්න. එසේ බලවත් වූ පූර්ණ චන්ද්‍රයා කේන්ද්‍රයේ පළමුවැන්නේ කාරුණික, බුද්ධිමත් කෙනෙකි. හතරේ නම් මව් පාර්ශ්වයෙන් බොහෝ දේ ලැබේ. තවද ගෙවල් දෙකක උරුමකරු වෙයි. 7 වැන්නේ නම් යහපත් බිරිඳක් හෙවත් "මාතෘ භාර්යාවක්" ලබන කෙනෙකි. 10 නම් උසස් තනතුරු ලැබේ.
සඳු බලවත්ව 2 හෝ 11 නම් සෑහෙන ධනයක් ලබන එමෙන්ම පින් රැස්‌කරන රට පුරාම මිතුරන් ඇති කෙනෙක් වෙයි. 9 නම් විදේශවලින් භාග්‍යය උදාවන්නේය. 5 නම් උසස් ඉගෙනීමක් ද දරුවන් දෙදෙනෙක්‌ද ලබන අතර 6, 8, 12 යන තැනක නම් සතුරු රෝග, මාරක බාධක, ව්‍යාධි, පාඩුවලින් බරපතල පීඩා ඇති කරන්නේ නැත.
සඳු නීච හා දුර්වලව උපන් අයගේ මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්‌ව අකුශල කර්ම විපාක දෙනවා ඇත. එසේ වන්නේ අම්මා ඇතුළු උසස් කාන්තාවකට කරන ලද අකටයුතු කම් හා නොසලකා හැරීම් හේතුවෙනි. පෙර ආත්මවල මත්පැන් භාවිතා කළ අයටද එහි අහිතකර බව පෙන්වන්නේ දුබල වූ සඳුගෙනි.
එවැනි සඳු දුර්වල වී කේන්ද්‍රයේ පළමුවැන්නේ තැන්පත් වූ විට මන්දබුද්ධික හෙවත් බුද්ධි හීන කෙනෙක් වනවා ඇත. දෙවන හෝ එකොළොස්‌වන භාවවල නම් ධනය අහිමි වන්නේ අමාවක සඳ මෙනි. 3 වැන්නේ නම් කම්මැලි අලස කෙනෙකි. 4 නම් උපතේ දීම මව්ගේa සැප අහිමි වෙයි. සෙම් රෝගයෙකි. මුල් දේපළවල අවුල් ඇති වේ. 5 නම් ඉගෙනීම දුර්වලය. 6 නම් සතුරු හා රෝග පීඩාද 7 වැන්නේ නම් විවාහය අසාර්ථක වීමද පෙන්වයි. පළමු විවාහය බිඳ වැටීමට ඉඩ තිබේ. 8 නම් ජලයෙන් විපත් ද 9 නම් අවාසනාව ද උදා වේ. 10 නම් කිසිදු උසස් තනතුරක් ලැබෙන්නේ නැත. 12 නම් අපේක්‍ෂා බලාපොරොත්තු අන්තිම මොහොතේ කඩවන බව පෙනේ.
උපතේ දී සඳුගේ බල දුබලකම මත ඉහත ශුභා ශුභ ඇති කරයි. එසේ වන්නේ සඳුගේ දශා කාලයක් ලබන විටය. සඳු දුර්වල අයගේ සඳු පිහිටි රාශිය හරහා සෙනසුරු ග්‍රහයා ගමන් කරන විට ඒරාෂ්ඨක අපලය උදාවන්නේය. ඒ කාලය තුළ ජන්මියාට බොහෝ කරදර, මාරක බාධක, සිත් තැවුල් බහුල කරයි. සමහර විට ජීවිතයෙන් තොර කරවයි හෙවත් මරණයට පමුණුවයි.
හිටපු අග්‍රාමාත්‍ය ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, ඩී. එස්. සේනානායක ජනාධිපති ආර්. ප්‍රේමදාස යන මහතුන්ද අනුර බණ්‌ඩාරනායක මහතාද මිය යන විට ඉහත ග්‍රහචාරය යෙදී තිබුණු අතර එවැනි උදාහරණ ඕනෑ තරම් දැකගත හැකි වේ.
එපමණක් නොව සඳුගේ බලය මුළු පරිසරයටම බලපාන බව පෙනේ. එහෙත් එය පෙර කර්ම හෙවත් "කම්ම නියාම" මත වන බලපෑමක් නොව "සෘතු නියාමය"ක් වශයෙනි. සඳු පුර පක්‍ෂයේ බලවත් වන විට බොහෝ විපර්යාස ඇති වේ. ඇදුම, උමතු බව ආදී රෝග උත්සන්න වීම, නිර්මාණාත්මක සිතිවිලි පහළ වීම, සිත ප්‍රබෝධමත් වීම මෙන්ම ගස්‌වල තෙත ගතිය ඉහළ යැමද එවැනි සිදුවීම්ය. පෝය දිනවල ගස් කපන්නේ නැත. එම ගස්‌වල ලී ඉක්‌මනින් ගුල්ලන් ගසන බැවිනි. කළුවර හෙවත් අවපක්‍ෂයට ගස් කැපීමෙන් එහි කෘමි උවදුරු නැති වෙයි.
ඉහත සඳහන් කළේ සඳ හෙවත් චන්ද්‍රයාගේ විවිධ වෙනස් වීම් මනුෂ්‍යයාට වෙන් වශයෙන්ද පොදුවේ පරිසරයටද බලපාන ආකාරයයි. තම හඳහනේ සඳු උපතින් දුර්වල නම් ද දුර්වලව ගමන් කරන අතර දශාවක් ද ලබා ඇත්නම් ඔබටද සඳුගේ අපල ඇතිවීම ස්‌වභාවයකි.
අකුසල කර්ම ශක්‌තීන් ගේ ප්‍රතිඵලයක් වශයෙන් සඳුගේ අපලය හඳුනාගත් විට එය සඳහා කළ යුතු ප්‍රතිකර්ම කිරීමෙන් අපල යටපත් කර ශුභ ඵල උදාකරගත හැකි වන්නේය. "හේතුව" ඉවත් කළවිට "ඵලය" ඉවත්වන බැවිනි. අකුශල කර්ම නමැති "හේතුව" පව් සේදීම, ගල් පැළඳීම, රටහැර යැම වැනි ක්‍රියාවලින් පමණක් ඉවත්කළ හැකි නොවේ. ඊට කළ යුතු වන්නේ අදාළ කුසල කර්ම නිතර නිතර කිරීමයි. උණු වතුරට සිසිල් ජලය එක්‌කරන විට නිවී යන්නාක් මෙන් මෙම ශාන්ති කර්මවල යෙදීමෙන් අපල දුරුවන්නේය.
සඳුගේ අපලය මග හරවාගෙන ශුභ ඵල උදාකරගත හැකි ඉතා විශ්වාසවන්ත ක්‍රමයක් වන්නේ ස්‌වකීය මවට ගරු සත්කාර කිරීමයි. ගෙදර බුදුන් යන උතුම් ගෞරව නාමයකින් පිදුම් ලබන අම්මා වූ කලී සෙත් පැතීමෙන් දරුවන්ට ශක්‌තිය දිය හැකි දිව්‍යමය බලයක් ඇති කාන්තාවයි. තවද මෙහෙණින් වහන්සේලා, දසසිල් මාතාවන් ඇතුළු සිල්වත් ගුණවත් කාන්තාවන්ට උපස්‌ථාන කිරීම හා බුද්ධ පූජා බෝධි පූජා තබා පත්තිනි දේවියට පිං පැමිණවීමත් සඳු අපල දුරු කර ගැනීමට හේතුවනවා ඇත.
මෙහිදී සඳු හිමි අංක, සඳු දින, සඳු හෝරා සහ සඳු හිමි ද්‍රව්‍ය පූජා තැබීමට පුරාණ සෘෂිවරුන් නියම කර තිබේ. සමන්පිච්ච මල්, දියේ පිපෙන මල්, සුදුමල් සුදු කොඩි, මුතු දිවුල් බීම, දිවුල් කැඳ හා කිරි ආහාර පූජාවට සුදුසුය. දියේ සිටින මාළුන්ට ආහාර දීමද සුදුසුය. පූජා තබන විට බෝධිමළුවේ උතුර බලා වාඩිවීම මගින් ඉක්‌මනින් සිත එකඟ වන්නේය.
පිරුවානා පොත් වහන්සේ හෙවත් මහ පිරිත් පොතේ ඇති "චන්ද පිරිත" භාවිතයට සුදුසුය. පැන් කලයට මෙම පිරිත 1100 වරක් පිරිත් කර බෝධිය නහවා කොටසක් බීම විශේෂ ශාන්ති කර්මයකි. පූජාව අවසානයේ මෛත්‍රි භාවනාව කර සෙත්පතා දෙවියන්ට පින් දෙන්න.
සඳු අපලය ඇතිනම් ඔබ විසින් වතුරෙන් ප්‍රවේශම් වීමට මතක තබා ගැනීම ඉතා වැදගත්ය. සවසට හා රාත්‍රියට නෑම, පිණිබෑම, පිහිණීම, මුහුදේ රැල්ල පෑගීම වැනි ජල ක්‍රීඩා කිරීම සුදුසු නැත. නවගුණ, රතන, අභිසම්භිධාන, යන්ත්‍රයක් පැළඳ ගැනීම විශේෂ ශාන්ති කර්මයකි.
(මතු සම්බන්ධයි)
සුනිල් කුමාර ගම්ලත්
Original article from http://www.divaina.com/2010/07/16/naka05.html
Sinhala English word by word translation by Google
Do not forget to spell expose Mother Moon is
the lunar distance, refers to the listener in the spell of that misunderstanding. How does the sky has come down from the moon, bad people? Last week we discussed the planets are not that bad. That man, self-thinkers before the surgery because of reward that kuśalākuśala known as the stars.
Sun or the center of your good results show the location of the moon, or methods of treatment can be prevented or be bad for the bad and hope to discuss in this article.
Or the same amount of light from the sun every day, Ravi said it has come down. But the moon is not. New Moon is completely disappears. The dark Poya Day. Waxes Poya day seems only half. Full Moon Poya day and throughout the night, full moon visible moon glow and beauty of nature is spectacular. The moon's visibility within 15 days from the day mōramin has been tithi 15. Divided in two years and the next full moon party as the party.
Full moon Poya Days, will prevail. It extends the maximum brightness of midnight the night. If you are born in the middle of the night will be the center of your table for the fourth Sun box. It is a protracted power is power. Also Monday TAURUS peak power constellation Cancer constellation svakṣētra if the power. The deposit and full moon TAURUS Cancer is the number of power.
When the constellation of Scorpio Sun and weakening of filthy names. Stage shows or the lost fruit good move weakened the party's move Scorpio constellation dark. Of course, not to say that the Moon is more power at night than in the second.
Karma mighty deeds lead to only those born before the relevant classifieds self cheered when powerful moon. Governor of the Central Sun topology nuns Bhikkus virtuous dasasil of their mother or grandmother, a mother is a teacher of milk, virtuous women and Mary Paththini this category are included.
Before the mother and help the noble women, pilgrims who exerts a central Sun of the honor. Such people have high energy thinking. Monday will be the heart of why Jyoti d tiṣayēdī governor.
Such people will quickly realize the power of kindness. Maithree pet feels. Not panic. Creative skills are perfect. Upon running inside than penenavāṭa. Mathematics, Jyoti is the strength of the arguments and talented subjects such as da tiṣaya. Such is a very capable woman who will be a constant blessings of women's high.
See how powerful your Sun Center. So powerful was the full moon at the center of the first kind, intelligent. If the boundaries are much the part of the parent. And is the heir of two houses. 7 Firstly the good wife, or "maternal wife" if he is. If the 10 positions.
If Monday is a powerful 2 or 11, and the considerable wealth of friends all over the country, I might. 9 If fortune abroad, Doha. If two children are 5 and higher learning 6, 8, 12 and where the enemy is disease, deadly obstacles, pathology, losses do not have serious persecution.
Those born weak and despicable moon completely different situation akuśala karma reward for it. A woman is the mother and so until the whistle and ignores due. Before those who use alcohol san̆dugeni the weak demonstrate its potential.
When placed at the center of such a weak first Monday dimwits intelligence or a lack of will. If wealth is lost is the second or eleventh thinkers moon like the moon. 3 Firstly lazy lazy one. 4 If the mother is lost to a comfortable birth. Rōgayeki skin. The first property is a mess. 5 If learning is weak. 6 If the enemy and diseases Firstly 7 shows vīmada failed marriage. First marriage may break the fall. 8 and 9, if the water disaster is especially unfortunate. 10 If not receive any higher position. 12 seems to be expected to breach the last minute if expectations.
Śubhā the welfare of the Moon is on the weakness of demand at birth. So that when the Moon is daśā time. When traveling through a plethora of Saturn moon Sun ērāṣṭhaka weak spell of the Doha Round. During that period janmiyāṭa much trouble, deadly obstacles, acknowledging the rich. Sometimes life offers free or execute.
Former Prime Minister eyes. WA. R. DR. Bandaranaike, D. S. President R. Senanayake. When Premadasa s Anura Bandaranaike also garnering the death was engaged is seen plenty of examples.
The Moon is also the power of the environment seems to affect the whole. But before the surgery, or "kamma rules" on the impact, but "Seasons Rule" the turbidity. Full moon party, the most powerful is the change. Asthma, diseases such as the escalation of the mad, the origin of creative thinking, to inspire the heart and tree saps high Neeley such incidents. Poya days not cut trees. The wood trees would rise quickly weevils. The pest is not dark or waning cutting trees.
Above the moon, the moon, or the various changes that affect how the environment as a common man separate. His birth horoscope Monday weaken the weak travel and Dasha get to you, if the nature of the Moon is ill effects from occurring.
As a result of strict Karma strengths Moon is suppressed bad spell identified by it for treatment should be available to good results. "Why," from when "fruit" because it departs. Karma akuśala the "cause" of sin washing, stone jewelry, works as a context not only enable Removable. It should not apply to deeds lead to frequent operations. When added to hot water, cold water out like this Shanthi Karma duruvannēya having bad.
The Moon is a very reliable method available to spell good way to turn the fruit is to respect their mother care. The Great Buddha at home mom is a honor awarded by the divine power to give strength to children turning to Seth woman. The nuns monks, capable of ministering to women and virtuous dasasil Buddha and Bodhi Pooja has reason to keep out bad provoked Sun Ping film.jpg.
The Sun won No., Monday, ancient Rishi moon has set and the moon to receive material offerings clock. Jasmine flowers, drowned in Bloom, sudumal white flags, wood pearl drinks, porridge and milk wood suitable offering. The best fish food gift and drowned. When their gifts Bodhimaluwa north will concentrate on quickly seated.
Buddhrakkhitha books he or the chanting of the book "men voted" best use. Special drinks water boundary Shanthi Karma part of the chanting Bo washed once 1100 is stable. Let God bless pin end Maithree offering meditation.
It is important to remember if you have to be careful with water, the spell of the moon. Evenings and at night, bathing, dew, swimming, water sports, not suitable for the wave of the sea, such as trampling. Navaguṇa, Ratana, abhisambhidhāna, wearing a special machine Shanthi Karma.
(To be continued)
Sunil Kumar Gamalath
No comments:
Post a Comment